රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ කර්මාන්ත අංශය

‍කර්මාන්ත අංශයෙන් ඔබට ලබා ගත හැකි සේවාවන්
ලිඛිතව හෝ අප ආයතනයට පැමිණ දැනුම් දීම හෝ තම මහජන නියෝජිතයින් මාර්ගයෙන් දැනුම් දීම මඟින් ඔබට අපගේ සේවාවන් ලබාගත හැක.

ප්‍රාදේශීය සභා පාරවල්, කාණු, පැති බැමි, පඩි පෙල් යනාදිය සභා අරමුදලින් හා ලැබෙන්නා වු වෙනත් අරමුදල් වලින් ගොඩ නැගීම හා නඩත්තු කිරිම.

මාර්ග සංවර්ධනය කිරීමේ වැඩ පියවර
• මහජන ඉල්ලීම මත පාරවල් තෝරා ගැනීම
• වැඩ අධිකාරි හෝ කාර්මික නිලධාරිගේ නිරීක්ෂණය මත පාරවල් තෝරා ගැනීම.
• සභාපති / ලේකම්ගේ අනුමැතිය මත ඇස්තමේන්තු සකස් කිරීම.
• පළාත් සභාව තුළින් අනුමැතිය ලබා ගැනිම.
• ටෙන්ඩර් කැඳවිය යුතු කර්මාන්ත තෝරා ගැනීම.
• ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම.
• ටෙන්ඩර් කර, කොන්ත්‍රාත් කරුවන් ලවා සිදුකර නොගන්නා කර්මාන්ත ප්‍රාදේශීය සභා කම්කරුවන් ලවා සිදු කර වීම.